නැවතත් O/L ප්‍රශ්නපත්‍රයක් පිටවීමක් විභාගය කල්දැමීමට කටයුතු..

Report

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබේ.

මහ කන්නයේ හා යල කන්නයේ වගා කටයුතුවලට පෙර මේ දේ කරන්නැයි ඉල්ලීමක්..

මහ කන්නයේ හා යල කන්නයේ වගා කටයුතුවලට පෙර මේ දේ කරන්නැයි ඉල්ලීමක්..

මේ හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල අද (06) දින පැවැත්වීමට තිබූ අවසන් වාර විභාගය කල්දැමීමට කටයුතු කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසීය.

ඒ අනුව අද උදෑසන වනවිට කලාප 8ක කොට්ඨාස 30කට අයත් පාසල් 600කට අධික ප්‍රමාණයක අදාළ ප්‍රශ්න පත්‍රය බෙදාහැරීම නවත්වා තිබේ.

අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිගෙන් රජයට ඉල්ලීමක්..(VIDEO)

අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිගෙන් රජයට ඉල්ලීමක්..(VIDEO)

ඊට සමගාමීව විභාගය තාවකාලිකව අත්හිටුවා වෙනත් ප්‍රශ්නපත්‍රයක් ලබාදීමට කටයුතු කරන බව සිරිමෙවන් ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසීය.

අනුරාධපුර මුලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇතැයි ද පැවසු ඒ මහතා, අක්‍රමිකතාව සිදුවුයේ කෙසේ ද යන්න සොයා බැලීමට කටයුතු කරන බව ද කියා සිටියේය. 


You may like this video