මෙරට පෞද්ගලික ආයතනයක සේවය සඳහා පැමිණි ඉන්දීය ජාතිකයාගේ අවාසනාවන්ත ඉරණම..

Report

පොළොන්නරුව ජයන්තිපුර 23 කණුව ප්‍රදේශයේ ඊයේ (6) රාත්‍රියේ වෑන් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇත.

සිසුවෙකු පාසලට රැගෙන ආපු දේ දැකලා ගුරුවරුන්ගේ ඇස් උඩ යයි..

සිසුවෙකු පාසලට රැගෙන ආපු දේ දැකලා ගුරුවරුන්ගේ ඇස් උඩ යයි..

වෑන් රථය පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ගමන් කර ඇති අතර, එම දෙසටම ගමන්ගත් සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගය අයිනේ තවතා තිබියදී මෙම අනතුර සිදුව තිබේ.

මිය ගිය පුද්ගලයා ඇතුළු ඉන්දීය ජාතිකයන් මෙරට පෞද්ගලික ආයතනයක සේවය සඳහා පැමිණි කාර්මික ශිල්පීන් ද වන අතර, ඔවුන් සිය නවාතැන්පොළට යන අතරවාරයේ මෙම අනතුරට මුහුණපා තිබෙනුයේ .

මෙන්න නියම ආරංචියක් .. අඩුවක් නැතුව රුපියල් 40කට ..

මෙන්න නියම ආරංචියක් .. අඩුවක් නැතුව රුපියල් 40කට ..

අධික වේගයෙන් පැමිණි වෑන් රථය ලොරි රථයේ පිටුපස ගැටෙන අවස්ථාවේ රියදුරු අසුන අසල වාඩිවී පැමිණි ඉන්දියානු ජාතිකයා මෙලෙස මියගොස් ඇත.

මේ වනවිට රියදුරු ඇතුළු සියලු දෙනා බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ. ලොරි රථය සහ එහි රියදුරු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇති අතර, ඔවුන් අද (7) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.