රටම දන්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙක් පැදවූ රියක් අනතුරකට ලක් වෙලා.. බඹරෙක් ඇවිත් කරපු හරියක්..
By krishani
මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතාගේ කැබ් රථය අනතුරකට පත්ව තිබෙනවා.
ඒ මොනරාගල – බිබිල මාර්ගයේ නක්කලවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු වාර්තා වුණේ.
එහිදී හිටපු මන්ත්‍රීවරයා කැබ් රථයේ රියැදුරු ලෙස කටයුතු කර ඇති අතර, කැබ් රථයට ඇතුළු වූ බඹරා එළවීමට උත්සාහ කිරීමේදී මාර්ගය අයිනේ පස් කණ්ඩියක ගැටී අනතුර සිදුව ඇත.
අනතුරෙන් හිටපු මන්ත්‍රීවරයාට කිසිදු තුවාලයක් සිදුවී නොමැත.
නමුත්, කැබ් රථයට හානි සිදුව තිබෙනවා.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මොනරාගල පොලිසිය විසින් සිදුකරනු ලබයි.