අතුරු මාර්ගයට හරවන්න ගිය ත්‍රීරෝද රථය නිසා වාහන හතරක් අනතුරට..දෙදෙනකුට බරපතලයි ..
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ බස් නැවතුම්පළ ආසන්නයේදී යතුරු පැදි දෙකක් මෝටර් රථයක හා ත්‍රී රෝද රථයක එකිනෙක ගැටී සිදුවූ අනතුරින් යතුරු පැදි දෙකෙහි පැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මත්තගොඩ පොලිසිය පැවසීය .
රෝහල්ගත කළ එක් පැදිකරුවකුගේ හිස ත්‍රීරෝද රථයේ ගැටී හිසට පාදයකට අතකට බරපතල තුවාල බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කර තිබේ .
අද මත්තේගොඩ සිට කොට්ටාව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ත්‍රීරෝද රථයක් යතුරුපැදි දෙකක් හා මෝටර් රථයක් එම දෙසටම ධාවනය වී තිබේ.
එම අවස්ථාවේදී ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි මෝටර් රථය හා යතුරු පැදිය තීරෝද රථයේ ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් ත්‍රිරෝද රථය සහ යතුරුපැදිය මාර්ගයේ පෙරළි අනතුර සිදුවන අවස්ථාවේදී පිටුපසින් පැමිණි මෝටර් රථය තිරිංග ක්‍රියාත්මක කරනවාත් සමඟම ඊට පිටුපසින් පැමිණි යතුරුපැදියක් මෝටර් රථයේ ගැටී තවත් අනතුරක් සිදුව තිබේ.
