වඳුරව නිධන් හෑරිල්ල නවති.. එකවරම වුණ දෙය මෙන්න..
By krishani
වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ නිධානයක් ඇති බවට වූ සැකය මත සිදුකළ කැනීම් කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් කර තිබෙනවා.
මෙම කැනීම් කටයුත්ත සම්බන්ධයෙන් එය සිදුකළ නිලධාරීන් විසින් ලබන අඟහරුවාදා අත්තනගල්ල අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවට වාර්තා වේ.
මේ අතර, වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගය ගමන් ගන්නා කොටසක නිධානයක් ඇති බව වූ සැකයක් මත අත්තනගල්ල අධිකරණය මඟින් ලබාදුන් නියෝගයක් මත දින තුනක් මෙම කැනීම් කටයුතු සිදු කළේ ය.
කෙසේ වෙතත්, මෙම කැනීම්වල දී නිධානයක් හෝ නිධානයක් බවට හෝ සැක කෙරෙන කිසිදු දෙයක් සොයාගැනීමට හැකියාව ලැබුණේ නැත.
You May Like This Video 👇
.