ප්‍රධාන මාර්ගයක බිහිසුණු අනතුරක්..අයහපත් කාලගුණය හේතු වෙයි.
By Aruna
යාපනය - මහනුවර ඒ9 මාර්ගයේ වවුනියාව විලක්කු වයිත්තකුලම් ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේදී ත්‍රීරෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී ත්‍රී රෝද රථයේ රියදුරු මාරාන්තික තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවට වාර්තා වනවා.
මෙම වාහන දෙකම වවුනියාව ප්‍රදේශයේ සිට යාපනය දෙසට ගමන් කරමින් තිබියදීයි අනතුරට පත්ව තිබෙන්නේ.
වාහන දෙකම රාත්‍රියේදී මද වැස්සත් සමග අධික වේගයෙන් ධාවනය කරවීම නිසා මෙම අනතුර සිදුව ඇති බව ඕමන්ත පොලීසිය ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම තුවාල ලැබූ රියදුරාගේ ජීවිතය ඉතා අවදානම් සහගත බවයි වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ.
ඕමන්ත පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.