අනතුරෙන් මව අහිමි වූ සයමස් බිලිඳියට භාරකරුවෙක්..

Accident Death Latest Headlines Sinhala news
By Mithu May 11, 2025 05:38 PM GMT
Mithu

Mithu

Report

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ අද (11) පෙරවරුවේ සිදු වූ බස් අනතුරෙන් මියගිය ගණන 22ක් දක්වා මේ වනවිට ඉහළගොස් තිබේ. මෙම අනතුරෙන් රටම වේදනාවෙන් සිටියදී, සිය ඉණෙන් පහළ කොටස බසයට යටව තිබියදීත් තම සයමස් වියැති බිලිඳියක ආවරණය කරගෙන සිටින ආකාරය දැක්වෙන සංවේදී දර්ශනය බොහෝ දෙනෙකුට රිදුම් දුන් සිදුවීමක් විය.

සභාවල බලය පිහිටවන්න අපි මුදලට මන්ත්‍රීවරු ගන්නේ නෑ - ඇමති විජිත

සභාවල බලය පිහිටවන්න අපි මුදලට මන්ත්‍රීවරු ගන්නේ නෑ - ඇමති විජිත

මෙම අවාසනාවන්ත අනතුරෙන් තම දරුවා හා බිරිඳ ආසන්නයේම සිටි පියා ඒ වනවිටත් බසයට යටව මියගොස් සිටියේය. පැය කිහිපයක මුදවාගැනීමේ මෙහෙයුමකින් පසු මව සහ බිලිඳා රෝහල්ගත කෙරුණි. කෙසේ නමුත් රෝහල්ගත කිරීමෙන් පසුව මව පස්වරුවේ ජීවිතක්ෂයට පත්විය. මේ වනවිට බිලිඳා වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල වෙත මාරුකර යවා ඇත.

කෙසේ නමුත් මෙම දරුවාට දෙමව්පියන් දෙදෙනාගෙම රැකවරණය අහිමි නිසා ප්‍රවීණ වයලීන වාදකයෙක් වන දිනේෂ් සුභසිංහ මහතා ඇයගේ භාරකරුවීමට කැමති බව ඔහුගේ මුහුණු පොතට සටහනක් එකතු කරමින් ප්‍රකාශ කර සිටියා. ඔහු ඒ ආකාරයෙන් ඉදිරිපත් කෙරූ සටහන පහතින් උපුටා දක්වා ඇත.

"කනස්සල්ලට හේතු කර ගන්න එපා, මේ දුවට භාර කරුවෙක් නැති වුණොත් මම සහ මගෙ ගෙදර අය එයාව හදා ගන්නවා දරුවෙකු විඳියට, එය පොරොන්දුවක් මගෙන්, නුවර එළියේ එම රෝහලේ හෙද සේවය කරන Maheshika නෝනා හෙට දින මාව දැනුවත් කරන්නම් කීවා, ඇය කී පරිදි දරුවන් 3 දෙනෙක් ඉන්නවා, මව බේරා ගන්න ඔවුන් ලොකු සටනක් දි තිබෙනවා,. මා දැම්ම එක කොමෙන්ට් එකකට ඉතාම පින්වත් පිරිසක් පණිවිඩ විශාල ප්‍රමාණයක් දමමින් සිටියි, අඩුම තරමින් දැනටමත් දරුවා රැක ගන්න බාර ගන්න ගොඩ දෙනෙක් කැමැත්ත පළ කර සිටියි, මුහුණු පොතේ උණුසුම අඩු වෙන දවසේදී එම දරුවන්ගෙන් බිමට වැටෙන්නට නියමිත කදුළු වලක්වන්න මම ඉදිරිපත් වෙනවා, භාර කරුවෙකු නැතුවම ගියොත් මම ජීවත් වන තුරු කවදාවත් මේ පුතා තනි වෙන් නැහැ, පවුලේ තව එයාට සොහොයුරන් දෙන්නෙක් සිටිනවා, මේ පිළිබඳව ක්‍රියාත්මක වන නිලධාරීන්ට මාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි, අපි අන් අයගේ සතුට හදවතින් ආරක්ෂා කර ගමු, FB එකේ දුක් ගි නොගයා අපි ආදරණීය දරුවන් තිදෙනා රැක ගැනීමට කිසියම් සැලසුමක් සමග වග බලා ගමු නේද? අදින් පසුව මෙයා මගේ දුවෙක්, it's a promise"

ඉතින් ඔහුගේ මෙය ආදරණීය ප්‍රකාශය වෙනුවෙන් බොහෝ දෙනෙක් අදහස් ඉදිරිපත් කර තිබුණා.

ඔන්න වාසියක් - බිත්තර ගණන් අඩුවෙලා

ඔන්න වාසියක් - බිත්තර ගණන් අඩුවෙලා

ReeCha