විඳි පෙම්සුව අහිමි වේවි යැයි මවක් සිගිත්තියකට කල අපරාධය..

By Piyumika Nov 23, 2024 08:58 AM GMT
Report

සමාජ මාධ්‍ය හරහා මිතුරු වූ පුද්ගලයක් සමඟ විවාහ වීමට නොහැකි වීම නිසා පස් හැවිරිදි දියණිය ඝාතනය කළ කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

වයඹදිග දිල්ලියේ අශෝක් විහාර් හිදී මෙම සිදුවීම සිදුව ඇති අතර, ඝාතනයට ලක්ව ඇති දැරිය වයස අවුරුදු 05ක් බවයි වාර්තා වුණේ.

තුවාල ලබා සිටිය දී මෙරටින් නික්ම ගිය මුතුරාජාගේ දළ යුගළය කපයි..

තුවාල ලබා සිටිය දී මෙරටින් නික්ම ගිය මුතුරාජාගේ දළ යුගළය කපයි..

මෙම කාන්තාවගේ පළමු සැමියා ඇයව හැර ගොස් ඇති අතර, පසුව ඇය ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ හඳුනාගත් රාහුල් නැමැති පුද්ගයෙක් සමඟ සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

පසුව ඇය රාහුල් සමඟ විවාහ වීමට එකඟතාවයකට එළඹ ඇති අතර, එහිදී එම පුද්ගලයා පවසා ඇත්තේ දියණියව භාරගැනීමට නොහැකි බවයි.

වැල් පාලමෙන් වැටුණු රනිල්ගේ ප්‍රතිපත්ති අපිට ක්‍රියාත්මක කරන්න අවශතාවයක් නෑ ..(VIDEO)

වැල් පාලමෙන් වැටුණු රනිල්ගේ ප්‍රතිපත්ති අපිට ක්‍රියාත්මක කරන්න අවශතාවයක් නෑ ..(VIDEO)

ඒ, හේතුවෙන් පසුව ඇයව විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කලකිරුණු තමන් දියණියව ගෙළ මිරිකා මරා දමා දැමීමට කටයුතු කළ බවයි සැකකාර මව පොලිසිය හමුවේ පාපොච්ච්රණය කර ඇත්තේ.


You may like this video