මොකක්ද මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙන්න යන අලුත්ම දේ..
By Piyumika
ඉදිරියේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසා සිටී.
ඒ සඳහා ආර්ථික අපහසුතා සහිත සේවකයින් එක්කර ගැනීමට එම කණ්ඩායම් උත්සාහ දරමින් සිටින බව ඔහු සඳහන් කළේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඒ බව පැවසීය.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අනිද්දා දින දිවයින පුරා රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කරන ලදී.