දිය නාමින් සිටි පුද්ගලයකුට හදිසි ප්‍රහාරයක්..
By Piyumika
කතරගම පොලිස් වසමේ මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය පුවතක් වාර්තා වී තිබේ.
ඊයේ (06) උදෑසන කාලයේදී එම පුද්ගලයා මැණික් ගඟේ 02 පාලම ආසන්නයෙන් දිය නාමින් සිටි අවස්ථාවේදී මෙය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ හා වනජීවී නිලධාරීන්ගේ සහාය ඇතිව මෘත දේහය සොයාගෙන තිබේ.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවන පුද්ගලයෙක් බව පොලීසිය පැවසීය .
සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.