බංගලි අරගලය නිසා කාන්තා T20 ලෝක කුසලානයේ සත්කාරකත්වයට මොකක් වෙයිද?..

Report

බංග්ලාදේශය තුළ මේ වනවිට ඇති ව තිබෙන වියවුල්කාරී දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් එළඹෙන ඔක්තෝම්බරයේ එරට සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය වෙනත් රටක පැවැත්වීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු ව තිබෙන බවට තොරතුරු වාර්තා වේ .

www.espncricinfo.com වෙබ් අඩවිය වාර්තා කරන පරිදි මෙම ලෝක කුසලානය එළඹෙන ඔක්තෝම්බර් මස 03 වැනි දින බංග්ලාදේශයේ මීර්පූර්හි දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි .

යතුරුපැදි සොරකමට කප් ගැසූ අයෙක් මාට්ටු ..

යතුරුපැදි සොරකමට කප් ගැසූ අයෙක් මාට්ටු ..

නමුත් ඊයේ (05) දිනයේ දී බංග්ලාදේශයේ දෙවරක් අගමැති ධුරයෙහි කටයුතු කළ ෂීක් හසීනා සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමත් සමග එරට විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව, අගමැති නිල නිවස ආදිය ඇතුළු රාජ්‍ය පොදු දේපොළ සියල්ල ම ආක්‍රමණය කර ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත් එරට හමුදා ප්‍රධානියා පැවසුවේ ඉදිරියේ දී අන්තර් වාර ආණ්ඩුවක් පිහිටුවන බවය.

මෙවන් පසුබිමක් මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළඹෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය බංග්ලාදේශයෙන් පිටතට රැගෙන යාමට තීරණය කර ඇත.

නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට..

නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට..

ඒ අනුව විකල්ප සත්කාරකත්ව දේශ ලෙස ලැයිස්තුවේ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත .

මේ තත්ත්වය මත බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් A කණ්ඩායම පාකිස්ථානය බලා පිටත්ව යාම පැය 48කින් කල් දමා තිබෙන බවද වාර්තා වේ.

දෙමටගොඩ දුම්රිය සේවක වර්ජනය අවසන් ..

දෙමටගොඩ දුම්රිය සේවක වර්ජනය අවසන් ..

බංග්ලාදේශයේ විරෝධතා හේතුවෙන් එරට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂරෆි මොටාසාගේ නිවසට ද විරෝධතාකරුවන් ප්‍රහාර එල්ල කර විනාශ කර ඇති බවත් වාර්තා විය.

මෙවර පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට රටවල් 10ක් එක්වන අතර එය ඔක්තෝම්බර් මස් 03 සිට 20 තෙක් පැවැත්වීමටයි සැලසුම් සකස් කර තිබුණි .