නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට..

By Piyumika Aug 06, 2024 06:32 AM GMT
Report

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ ඊයේ (05) දින සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, එම ප්‍රදේශයේ සඟවා තිබූ ජෙලට්නයිට් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හැටක් (60), විදුලි නොවන ඩෙටනේටර් තිහක් (30), C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 350ක ප්‍රමාණයක් (350g) සමග එම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි .

නිවස මතට වැටුනු කොස්ගස නිසා දස හැවිරිදි දරුවකුට බරපතලයි..තවත් තුනක් රෝහලේ ..

නිවස මතට වැටුනු කොස්ගස නිසා දස හැවිරිදි දරුවකුට බරපතලයි..තවත් තුනක් රෝහලේ ..

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීතිවිරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන බවයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මගින් මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදීයි අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවී ඇත.

යතුරුපැදි සොරකමට කප් ගැසූ අයෙක් මාට්ටු ..

යතුරුපැදි සොරකමට කප් ගැසූ අයෙක් මාට්ටු ..

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීතිවිරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සවුත්බාර් ප්‍රදේශයේ සඟවා තබන්නට ඇතැයි නාවික හමුදාව සැක පළ කෙරෙනවා.

ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත නඩු භාණ්ඩ නාවික හමුදාව විසින් භාරදීමට කටයුතු කරනු ලැබුවා.