රැවුල වැවීම නිසා සරසවි සිසුවාට දේශන සහ විභාගය තහනම් වෙයි..!
By Sewvandhi
අභියාචනාධිකරණය විසින් රැවුල වවා සිටීම හේතුවෙන් දේශනවලට හා විභාගය සඳහා පෙනී සිටීම තහනම් කෙරුණු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුට විභාගවලට පෙනී සිටීම සඳහා අවසර දෙන ලෙස එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියට නියෝග කර තිබේ.
අබ්දුල් රහීම් මොහොමඩ් නමැති නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.