පුතාගේ මරණය තාත්තා වීඩියෝ ගත කල හැටි...(VIDEO)

By Piyumika Sep 08, 2024 06:00 AM GMT
Report

සමාජ මාධ්‍ය වීඩියෝවක් සඳහා නාගයෙක් මුඛයේ තබාගැනීමට උත්සාහ කළ තරුණයෙක් එම නාගයා දෂ්ට කිරීමෙන් මියගොස් තිබෙන පුවතක් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ධීවර කටයුතු වලට මුහුදු යන ඔයා පරිස්සමින් .. ලංකාව අවටත් දැන් මුහුදු කොල්ල කරුවෝ ..

ධීවර කටයුතු වලට මුහුදු යන ඔයා පරිස්සමින් .. ලංකාව අවටත් දැන් මුහුදු කොල්ල කරුවෝ ..

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ කමරෙඩි ප්‍රදේශයෙන් මෙම ඛේදජනක සිදුවීම වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 23 හැවිරිදි වියේ පසු වූ ශිව්රාජ් නැමැති තරුණයෙක් මෙලෙස අවාසනාවත්න ලෙස මියගොස් ඇති බවයි වාර්තා වුයේ.

ශිව්රාජ් සහ ඔහුගේ පියා සර්පයින් ඇල්ලීම ජීවිකාව ලෙස කරගෙන ගොස් ඇති අතර, දෙදෙනා විසින් අල්ලා ගත් විශාල නාගයෙක් සමඟ සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට වීඩියෝවක් ලබාගැනීමට යාමේ දී මෙම සිද්ධිය සිදුව ඇත.

ඔබගේ ගෙදරට එන අවම ආදායම 100,000ක් බවට පත් කරන සැලැස්මක්..

ඔබගේ ගෙදරට එන අවම ආදායම 100,000ක් බවට පත් කරන සැලැස්මක්..

එහිදී අදාළ තරුණයා නාගයා තම මුඛයේ රඳවාගෙන සිටින අතර තුර ඔහුගේ පියා විසින් එය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර තිබේ.

එම අවස්ථාවේ දී මුඛයේ රඳවාගෙන සිටි නාගයා තරුණයාට දෂ්ටකර ඇති බවයි වාර්තා වන්නේ. නාගයා දෂ්ට කිරීමෙන් පසු තරුණයා රෝහල් ගත කළත් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබී නැත.