ගුවන් යානයෙන් සේවකයෙක් බිමට ඇද වැටෙයි..එම සිදුවීම කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්..(VIDEO)
TransNusa ගුවන් සේවයේ භූමි කාර්ය මණ්ඩල සේවකයෙක් Airbus A320 ගුවන් යානයෙන් බිම ඇද වැටී අනතුරක් සිදුව තිබෙන පුවතක් වාර්තා වනවා.
මෙම අනතුර ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන් තොටුපළේදී සිදුව ඇති බවයි පැවසෙන්නේ.
මෙම පුද්ගලයා ගුවන් කාර්ය මණ්ඩල සේවකයින් හා කතා කරමින් දොර දෙසට ගමන් කරමින් තිබේ.
එහිදී විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පහළ සිටි නිලධාරීන් විසින් ඔහු දොර දෙසට පැමිණෙන අයුරු නොදැක ගුවන් යානයෙහි පඩිපෙළ ඉවත් කර ඇති අතර, කාර්ය මණ්ඩලය හා කතා කරමින් පැමිණි භූමි කාර්ය මණ්ඩල සේවකයා පඩිපෙළ ඉවත් කර තිබෙන ආකාරය දැක නොමැතිව බිඳ ඇද වැටී ඇති බවයි.