මෙහෙම කරන්න පුලුවන් ද අනේ.. මොන හිතකින් ද.. බිරිඳව යතුරුපැදියේ ගැටගසා ඇදගෙන ගිය සැමියා..
කාන්තාවක් යතුරුපැදියක ගැට ගසා ගල් පර්වතයක් මතින් ඇගේ සැමියා විසින් ඇදගෙන යන අයුරු දැකගත හැකි කලබලකාරී වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල සංසරණය වේ.
ඒ රාජස්ථාන් ප්‍රාන්තයේ නාගෞර් දිස්ත්‍රික්කයේ ය.
එම තත්පර 40 ක වීඩියෝ පටයේ, තවත් කාන්තාවක් සහ සිද්ධිය පටිගත කරන පුද්ගලයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු සිටින බව වාර්තා වේ.
ඔහු විසින් ඇයට ශාරීරිකව පහර දීමෙන් පසු යතුරුපැදියෙන් බිමට බැස තුවාල වූ කාන්තාව සමීපයට පැමිණෙන ආකාරය සහ දැඩි වේදනාවෙන් හා කම්පනයෙන් ඇය හඬමින් සිටින ආකාරයත් එම වීඩියෝවේ දර්ශනය වේ.
එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වීමත් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
32 හැවිරිදි මොහු ප්‍රේමරම් මෙග්වාල් ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එමෙන්ම, එම වීඩියෝ පටයේ කාන්තාව යතුරුපැදියක කකුල් බැඳ, ඇදගෙන යන ආකාරය ඇය උදව් ඉල්ලා කෑගසන ආකාරය ද ඇතුළත් වේ.
එම සිද්ධිය ගැන කතා කරමින් නාගෞර්ගේ පොලිස් අධිකාරී නාරායන් සිං ටෝගස් පැවසුවේ මෙම සිදුවීමට හේතුව තම සැමියාගේ කැමැත්තට පටහැනිව ජයිසල්මර් හි තම සහෝදරිය බැලීමට යාමට බල කිරිම නිසා බවයි.
තම සැමියා නැවත නැවතත් එම ගමන ප්‍රතික්ෂේප කළ ද, ඇය එය ගණන් නොගෙන තම සහෝදරිය බැලීමට යෑමට සූදානම්ව තිබෙනවා.
මෙයින් කෝපයට පත් ඇයගේ ස්වාමිපුරුෂයා ඇයව යතුරුපැදියේ පිටුපසට බැඳ ඇයව ඇදගෙන යන ආකාරය එම වීඩියෝවේ සටහන්ව තිබෙනවා.
මෙම කාරණය කරළියට පැමිණීමෙන් පසු Panchaudi පොලිස් ස්ථානයේ සහකාර උප පොලිස් පරීක්ෂක සුරේන්ද්‍ර කුමාර් ප්‍රකාශ කළේ මෙම කියන සිද්ධිය මීට මාසයකට පමණ පෙර Naharsinghpura ගම්මානයේ වාර්තා වූ බවයි.
මේ පිළිබඳව අදාළ කාන්තාව පොලිසියට පැමිණිල්ලක් සිදුකර නොමැත බව සඳහන් වේ.
ඒ සම්බන්ධ වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ සංසරණය වූයේ මීට දින කිහිපයකට පෙර වේ.