අතවරයට ලක් කිරීමේදී දත් කුට්ටම උගුරේ සිරවී කාන්තාවක් ජිවිතක්ෂයට...
By Parami Dissanayake
ඉකුත් 27 වැනිදා බලන්ගොඩ, මුගුණමලේ, දොරවෙල ගං ඉවුරේ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඊයේ (29) දිනයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇයව දූෂණයට ලක්ව ඇති බව හෙළිවී තිබෙනවා.
ඒ වයස අවුරුදු හැත්තෑඅටක කාන්තාවක් වන අතර ඇයව අතවර කිරීමට සුදානම්ව ඇයගේ මුඛය මිරිකන මොහොතේ කටේ තිබූ කෘත්‍රිම දත් ඇන්ද ගැලවී උගුරේ සිරවීම නිසා මරණයට පත්ව ඇති බව බලන්ගොඩ පොලිසිය වාර්තා කර සිටිනවා.
ඊයේ (29) මෙම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ බව තහවුරු වී ඇත.
කෙසේ වෙතත්, මෙම ඝාතකයා සොයා පොලිස් කණ්ඩායම් තුනක් පරීක්ෂණ ආරම්භ කොට ඇත.