දුම්රියක යතුරුපැදියක් ගැටී කාන්තාවක් ජිවිතක්ෂයට...

Report

අද (14) උදෑසන යතුරුපැදියක් වැරැල්ලාන දුම්රිය හරස් මාර්ගයේ දී ගාල්ල සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියක ගැටී අනතුරක් සිදු ව තිබුනා.

ඒ, වැරැල්ලාන මුදුගොඩ මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියකි.

පිළිගන්න ලෑස්ති වෙන්න එහෙනම්. - මෙන්න කොටස් වෙළෙඳපොළට එන අලුත්ම සාමාජිකයා.

පිළිගන්න ලෑස්ති වෙන්න එහෙනම්. - මෙන්න කොටස් වෙළෙඳපොළට එන අලුත්ම සාමාජිකයා.

මෙම අනතුරින්, වයස අවුරුදු 53ක් වූ කළුපේ, හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක් අනතුරට ලක් ව ඇති අතර, ඇය බරපතළ තුවාල ලබා, බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුනා.

ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙනි.

මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර මීටියාගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.