පිළිගන්න ලෑස්ති වෙන්න එහෙනම්. - මෙන්න කොටස් වෙළෙඳපොළට එන අලුත්ම සාමාජිකයා.
Cable Solutions Limited විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීම සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්පත අනුමත කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම් අංශයේ උප සභාපතිනි කනිෂ්කා මුනසිංහ සඳහන් කරනවා.
ඒ, අනුව මූලික මහජන කොටස් නිකුතුවක් සඳහා Cable Solutions Limited කොටසක් රු. 7.50 බැගින් කොටස් මිලියන 80.78 ක් ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 17.16% වේ.
එහිදී දායකත්වය වෙනුවෙන් නව කොටස් මිලියන 14.66 ක් සහ පවතින කොටස් මිලියන 66.12 ක් අලෙවිය වෙනුවෙන් විවෘතව ඇත.
මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා සම්පාදනය කර ගැනීමට යෝජිතක මුළු අරමුදල රු. මිලියන 606 ක් වන අතර මෙම කොටස් නිකුතුව 2024 ජූලි 23 දින විවෘත වීමට නියමිතයි. .
