මුහුදු රස්සාව කරන ඔයාටයි මේ දැනුම් දීම..

By Piyumika Sep 10, 2024 04:54 AM GMT
Report

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 65 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.

අලුතින් ඉදි කරනු ලැබූ ගොඩනැගිල්ලක් අසල කැපුම් තුවාල සහිත මෘත දේහයක් ..

අලුතින් ඉදි කරනු ලැබූ ගොඩනැගිල්ලක් අසල කැපුම් තුවාල සහිත මෘත දේහයක් ..

එමෙන්ම ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකියි.

එමෙන්ම  බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 වැසි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔයාගේ වාහනෙත් මේවා තියනවද බලන්න එහෙනම් දැන්ම ඉවත් කරන්න..

ඔයාගේ වාහනෙත් මේවා තියනවද බලන්න එහෙනම් දැන්ම ඉවත් කරන්න..

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 වැසි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවූම් ප්‍රදේශවලත් උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලටත් හම්බන්තොට මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇති විය හැකියි.