අලුතින් ඉදි කරනු ලැබූ ගොඩනැගිල්ලක් අසල කැපුම් තුවාල සහිත මෘත දේහයක් ..
Sri Lanka Police
Jaffna
Sri Lanka
Murder
By Piyumika
යාපනය ඌර්කාවතුරේ පොලිස් වසමට අයත් අල්ලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ තිබී කැපුම් තුවාල සහිත මෘත දේහයක් හමු වූ බව ඌර්වතුරේ පොලිසිය සඳහන් කරයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අල්ලෙයිපිඩ්ඩි 03 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් වන ගජේන්ද්‍රන් නැමැත්තෙක්ය.
අදාළ ප්‍රදේශයේ අලුතින් ඉදි කරනු ලැබූ ගොඩනැගිල්ලක් අසලදී මෙම මෘත දේහය හමුව ඇති අතර සිරුරේ පවතින කැපුම් තුවාල හේතුවෙන් එය ඝාතනයක් බවට පොලිසිය සැක කරනු ලබයි.
ඒ අනුව මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහලට යොමු කොට ඇති අතර ඌර්කාවතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ඇත.