රුසියන් ප්‍රබලයින් දෙදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක්...

By Parami Dissanayake Jun 25, 2024 04:55 PM GMT
Report

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු සහ සාමාන්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී වැලරි ජෙරසිමොව් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ, ඔවුන් දෙනෙනා යුද්ධයේ දී යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් ය.

අධිකරණය හමුවට ගිය මුතුරාජවෙල සංරක්ෂිතයේ ගිණුම්පතිවරයාගේ සිතියම් සහ වාර්තා ...

අධිකරණය හමුවට ගිය මුතුරාජවෙල සංරක්ෂිතයේ ගිණුම්පතිවරයාගේ සිතියම් සහ වාර්තා ...

තව ද, 2022 ඔක්තෝම්බර් සහ 2023 මාර්තු යන කාලයේ දී රුසියාවේ සිවිල් ප්‍රදේශ වෙත එල්ල වූ ප්‍රහාර සඳහා මෙම දෙපළ තනි පුද්ගල සාපරාධී වගකීම දරන බවට විශ්වාස කිරීමට හේතු ඇති බවත් අධිකරණය පවසා ඇත.

එමෙන් ම, එම ප්‍රහාරවලට අණ දීම හා ඔවුන් යටතේ සිටින හමුදා පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්ද ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ නිදහස් කෙරේ...

විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ නිදහස් කෙරේ...

කෙසේ වෙතත්, මෙම වරෙන්තුව ICC තීරණය මගින් යුක්‍රේනියානුවන්ට එරෙහි රුසියානු අපරාධ සඳහා යුක්තිය නොවැළැක්විය හැකි බව පෙන්වන පැහැදිලි ක්‍රියාවක් බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පවසයි.