අධිකරණය හමුවට ගිය මුතුරාජවෙල සංරක්ෂිතයේ ගිණුම්පතිවරයාගේ සිතියම් සහ වාර්තා ...

By Parami Dissanayake Jun 25, 2024 04:08 PM GMT
Report

අද (25) මුතුරාජවෙල සංරක්ෂිත තෙත්බිම් කලාපයට අදාළව මායිම් ලකුණු කරමින් රජයේ මිනුම්පතිවරයා විසින් සකස් කර තිබෙන සිතියම් සහ ඊට අදාළ වාර්තා අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ නිදහස් කෙරේ...

විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ නිදහස් කෙරේ...

මුතුරාජවෙල සුරැකීමේ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අතර, මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබී ය.

ලෝක බැංකුවෙන් ශ්‍රී ලන්කාවට මූල්‍යාධාරයක්...

ලෝක බැංකුවෙන් ශ්‍රී ලන්කාවට මූල්‍යාධාරයක්...

එහි දී, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ, මුතුරාජවෙල සංරක්ෂිත තෙත්බිම් කලාපයට අදාළ රජයේ මිනුම්පතිවරයාගේ වාර්තාව අධිකරණය හමුවේ ගොනු කර තිබෙන අතර ඒවා මෙම නඩුකරයේ පාර්ශ්වකරුවන්ට ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව අගෝස්තු මස 15 වනදාට පෙර අදාළ වාර්තාව අධ්‍යයනය කර සිය නිරීක්ෂණ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පෙත්සම්කරු ඇතුළු පාර්ශවකරුවන්ට නියෝග කර තිබේ. කෙසේ වෙතත්, මෙම කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා පෙත්සම යළිත් සැප්තැම්බර් මස 24 වන දා කැඳවීමට නියමිය්හව ඇත.