ධීවර ප්‍රජාවට යළිත් අනතුරු ඇගවීමක්..
By Piyumika
බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ හා අරාබි මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්පතුව දැනුම් දී තිබේ.
එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ක් දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනුයේ .
හින්දු පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ශිව් සේනා නායක ලූදියානාහිට කඩු ප්‍රහාරයක් ..(VIDEO)
එසේම එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව ද සඳහන් වෙනවා. මේ අතර, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.