ගසක් කඩා වැටී තරුණියක් මරු තුරුලට...
By Parami Dissanayake
අද (23) දහවල් මුන්දලම 61 හංදිය ප්‍රදේශයේ මාර්ගයක යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටී එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහි ගමන් කළ අනෙක් තරුණිය බරපතළ තත්ත්වයෙන් මේ වනවිට හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව මුන්දලම පොලීසිය පවසයි.
23 හැවිරිදි මුන්දලම දේවාල හංදිය, විල්පොත ප්‍රදේශයේ පදිංචි තරුණයක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
අදාළ තරුණියන් දෙදෙනා විල්පොත සිට හලාවත දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී මාර්ග අසල තිබු ගසක් හමා ආ සුළඟත් සමග එකවර මෙම තරුණියන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය මතට කඩා වැටී ඇති අතර, ප්‍රදේශවාසීන් ගස ඉවත් කර ඇතත්, ගසට යට වීමෙන් එක් තරුණියක් බරපතළ තුවාල ලබා ඇත.