අද ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු ...

Iran Funeral World Iran President Raisi
By Parami Dissanayake May 23, 2024 10:46 AM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) පස්වරුවේ දී පැවැත්වීමට නියමිතය. ඒ ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී ය.

ජීවිතක්ෂයට පත් ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දෙල්ලාහියාන් ඇතුළු පිරිසගේ දේහයන් ඊයේ පස්වරුවේදී ටෙහෙරානයේ ආසාදී චතුරස්‍රය වෙත රැගෙන ගියේ ය.

මියගිය ඉරාන ජනාධිපති ඇතුළු පිරිසට අවසන් ගෞරව දැක්වීමට රටවල් 68ක නායකයින් එක්ව සිටි අතර මෙරට විදෙස් කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ද ජනාධිපතිවරයාගේ දේහයට අවසන් ගෞරවය දැක්වූයේය.

රයිසි ජනාධිපතිවරයාගේ නිල අවමංගල්‍යයට එක්වු හමාස් නායක ඉස්මයිල් හනියේ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි හමුවුණි.

මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමට ලං.වි.ම ප්‍රතිචාරයක් නෑ...

මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමට ලං.වි.ම ප්‍රතිචාරයක් නෑ...

රයිසි ජනාධිපතිවරයාගේ දේහය අද පෙරවරුවේ දකුණු කොරසාන් ප්‍රාන්තය වෙත රැගෙන යාමට නියමිත අතර ඒ රයිසි ජනාධිපතිවරයා, මීට පෙර අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ නියෝජිතයා ලෙස කටයුතු කළ එම ප්‍රාන්තයේ කටයුතු කිරීම හේතුවෙනි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද පස්වරුවේ දී ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී පැවැත්වේ.

සුරා බදු දෙපාර්තමේන්තුවේ අලුත් වෙනසක්.- රජයෙන් කරන්න යන දේ මෙන්න.

සුරා බදු දෙපාර්තමේන්තුවේ අලුත් වෙනසක්.- රජයෙන් කරන්න යන දේ මෙන්න.

මේ අතර ගුවන් අනතුරින් මියගිය විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරවරුවේ දී ඔහු උපන් නගරයේදී පැවැත්විණි .

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%