මහ බැංකුව තීරණයකට යයි.. හෙට කරන්න යන දෙය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න..
Central Bank of Sri Lanka
Businessman
Latest Headlines
Decision Making
By krishani
ශ්රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (21) දිනයේ සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.