මව සබන් කෑල්ලක් ගෙන ඒමට ගෙට ගිය මොහොතට නිවුන් ළදැරියට සිදු වූ දේ ..

Sri Lanka Police Sri Lanka Accident Death
By Piyumika Jun 12, 2024 02:14 AM GMT
Piyumika

Piyumika

Report

පොතුවිල් නිවෙසක නිවුන් දරුවන් අතරින් එක් දරුවකු ඇඟ සේදවීම සඳහා වතුර පිරවූ බේසම මත තබා සබන් කෑල්ල රැගෙන ඒමට ගිය අතරතුර එම දරුවා බේසම මත වැටී ජලය පෙවීමෙන් මියගොස් ඇතැයි පොතුවිල් පොලිසිය වාර්තා කරයි.

අද ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් අහිමි වෙයි..??තරඟය පටන් ගන්නත් පෙර සිදුවූ දේ.

අද ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් අහිමි වෙයි..??තරඟය පටන් ගන්නත් පෙර සිදුවූ දේ.

මියගොස් ඇත්තේ පොතුවිල 07 කොට්ඨාසයේ සෙන්ට්‍රල් පාරේ මොහොමඩ් රහිම් උවයිස් පාතිමා මිහිරියු නැමැති දැරියකි.

ඇය සමග තවත් නිවුන් සොහොයුරියක සිටින බවත් මෙම ළමයාගේ ඇඟ සේදීම සඳහා නිවෙස පිටුපස ජල කරාමය අසල වතුර බේසමේ සිටුවා තබා සබන් කෑල්ලක් ගෙන ඒමට මව නිවෙසට ගොස් ඇති බවත් එවිට කුස්සියේ සිටි අනෙක් නිවුන් ළමයා හඬමින් සිටි බවත් පවසා ඇත .

මුහුද මැදදී 49කට මරු කැඳවූ භයානක අනතුර..

මුහුද මැදදී 49කට මරු කැඳවූ භයානක අනතුර..

පසුව සබන් කෑල්ල රැගෙන එළියේ සිටි ළමයා අසලට එනවිට වතුර බේසම තුළ සිටි ළමයා උඩුකුරුව වැටී හිස වතුරේ ගිලී දෙපා ඉහළට එසවී සිටි බව ඇයගේ මව මොහොමඩ් නිස්ලීම් කානි නැමැත්තිය මේ සම්බන්ධව විමර්ශන කරන පොලිස් නිලධාරින්ට පවසා තිබේ .

ළමා නිවා­ස­යේ ලිංගික හිංසන චෝදනාව පොලි­සියේ සැක­යට ලක්වෙයි..

ළමා නිවා­ස­යේ ලිංගික හිංසන චෝදනාව පොලි­සියේ සැක­යට ලක්වෙයි..

වැටී සිටි ළමයා එම මොහොතේම යාබද නිවෙසේ අයත් සමග පොතුවිල රෝහලට ඇතුළත් කළ නමුත් ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඒ වනවිටත් ළමයා මියගොස් ඇති බව පවසා ඇත .මෙම නිවුන් දරුවන්ගේ පියා විදෙස් රැකියාවකට ගොස් සිටි බව ද සඳහන් වේ.