මුහුද මැදදී 49කට මරු කැඳවූ භයානක අනතුර..

Immigration Yemen Accident Death
By Piyumika Jun 12, 2024 01:26 AM GMT
Piyumika

Piyumika

Report

අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

අද ලග්න කිහිපයකට ප්‍රබල ධන යෝගයක්.. ඔබේ වාසනාව දැන්ම උරගා බලන්න..

අද ලග්න කිහිපයකට ප්‍රබල ධන යෝගයක්.. ඔබේ වාසනාව දැන්ම උරගා බලන්න..

මෙම අනතුරින් 140 ක් අතුරුදන්ව ඇති බවයි එම වාර්තාවන්හි සදහන් වනුයේ. මියගිය පිරිස අතරේ, කුඩා දරුවන් 6 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කටයුතු සම්බන්ධ ආයතනය පවසා ඇත්තේ.

මෙම අනතුර සිදුවන විට බෝට්ටුවේ 260 කට ආසන්න පිරිසක් සිට තිබෙන අතර ඔවුන් වාර්ගික සහ සිවිල් යුද ගැටුම් හේතුවෙන් පණ බේරාගෙන ඉතියෝපියාවෙන් සහ සෝමාලියාවෙන් ආ වැසියන් බවයි තහවුරු වී ඇත.

ළමා නිවා­ස­යේ ලිංගික හිංසන චෝදනාව පොලි­සියේ සැක­යට ලක්වෙයි..

ළමා නිවා­ස­යේ ලිංගික හිංසන චෝදනාව පොලි­සියේ සැක­යට ලක්වෙයි..

මෙම පිරිස, කිලෝ මීටර් 320 ක දුරක් පා ගමනින් පැමිණ, පසුව ඒඩන් බොක්ක හරහා බෝට්ටුවකින් යේමනයට යෑමට උත්සාහ ගෙන ඇතැයි අනාවරණය වී තිබේ .

අනවසර සංක්‍රමණිකයන් පිරිස, උත්සාහ ගෙන ඇත්තේ යේමනයේ සිට සෞදියටත් සෙසු කලාපීය අරාබි රටවලටත් ඇතුළුවීමටය.

පන්සලකට යමින් සිටි අමෙරිකානු ජාතික සිව් දෙනෙක්ට නොසිතූ ඇබැද්දියක් ..

පන්සලකට යමින් සිටි අමෙරිකානු ජාතික සිව් දෙනෙක්ට නොසිතූ ඇබැද්දියක් ..

බෝට්ටුව මුහුදේ ගිලී යෑමෙන් පසු දිවි ගලවා ගැනීමට සමත් වී මුහුදේ පාවෙමින් සිටි 71 දෙනකු බේරා ගැනීමට වෙරළාරක්ෂකයන් සමත් වුණු බවත් ඔවුන්ගෙන් අට දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසේ .

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%