ත්‍රීරෝද රථයේ රියදුරාගේ අපරික්ෂාකාරී බව නිසා සිදුවූ භයානක අනතුර.. (PHOTO)

By Piyumika Sep 04, 2024 07:53 AM GMT
Report

ප්‍රධාන මාර්ගය අබියස නතර කර තිබූ ත්‍රීරෝද රථයක් අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරිමේ දී ප්‍රධාන මාර්ගය හරහා ධාවනය වූ ලොරි රථයක ගැටී අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලිසිය පවසනවා.

අනේ එයත් පොඩි දරුවෙක් මොන හිතකින් මෙහෙම දෙයක් කලාද..(PHOTO)

අනේ එයත් පොඩි දරුවෙක් මොන හිතකින් මෙහෙම දෙයක් කලාද..(PHOTO)

මෙම අනතුර සිදු වී ඇත්තේ අද (04) උදෑසන හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදීයි. එම මාර්ගයේ නතර කර තිබූ වෑන් රථයකට ඉදිරියෙන් ත්‍රීරෝද රථය නතර කර තිබු බවත්, පසුව ත්‍රීරෝද රථයේ එන්ජිම ක්‍රියාත්මක නොකර ප්‍රධාන මාර්ගයට ඇතුල් කරන අවස්ථාවේ හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වු ලොරි රථයක් ත්‍රිරෝද රථයේ ගැටී මෙම අනතුර සිදු ව තිබෙනවා.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇප මත නිදහස් වී සිටින අයෙකු යළිත් අත්අඩංගුවට ගත හේතුව ..

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇප මත නිදහස් වී සිටින අයෙකු යළිත් අත්අඩංගුවට ගත හේතුව ..

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, එම වාහන තුනටම දැඩි අලාභ හානි සිදු වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ත්‍රිරෝද රථයේ රියදුරා අපරික්ෂාකාරී ලෙස ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇති බවයි පරීක්ෂණ පවත්වන හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

ත්‍රීරෝද රථයේ රියදුරාගේ අපරික්ෂාකාරී බව නිසා සිදුවූ භයානක අනතුර.. (PHOTO) | A Three Wheeler Collides With A Lorry