අනේ එයත් පොඩි දරුවෙක් මොන හිතකින් මෙහෙම දෙයක් කලාද..(PHOTO)

Elephant Death Sri Ganesh Gun Shooting
By Piyumika Sep 04, 2024 07:34 AM GMT
Piyumika

Piyumika

Report

මොරගහකන්ද ජලාශයට ආසන්නව ගිරිතලේ ඇළහැර අභයභූමියේ සැරිසරමින් සිටි අවුරුදු අටක් පමණ වයසැති ඇත් පැටවකු හිසට වෙඩි හයක් තබා ඝාතනය කර ඇතැයි ඇළහැර වනජීවී කාර්යාලය සඳහන් කරයි.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇප මත නිදහස් වී සිටින අයෙකු යළිත් අත්අඩංගුවට ගත හේතුව ..

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇප මත නිදහස් වී සිටින අයෙකු යළිත් අත්අඩංගුවට ගත හේතුව ..

මොරගහකන්ද කළුගග මාර්ගයේ ජලාශයට කිලෝමීටර් දෙකක් පමණ ආසන්න මාර්ගයක් අසල මියගොස් සිටියදී මෙම ඇත් පැටවා හමු වූ බව ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම ඝාතනය පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍යය සමීර කලිඟුආරච්චි ඇතුළු වනජීවී නිලධාරි කණ්ඩායමක් විසින් අද (04) පෙරවරුවේ සිදු කිරීමට නියමිත බව ඇළහැර අඩවි ආරක්ෂකවරයා කීවේය.

හිතා ගන්නවත් බැහැ මාස අටකට මෙච්චර ගානක් ..

හිතා ගන්නවත් බැහැ මාස අටකට මෙච්චර ගානක් ..

ඇළහැර ප්‍රාදේශීය ලේකම් සී.එම්.සී. කරුණරත්න 03 වෙනිදා රාත්‍රියේ ඇත්පැටවා මියගොස් ඇති ස්ථානයට ගොස් පරික්ෂාවට ලක් කළේය.

අනේ එයත් පොඩි දරුවෙක් මොන හිතකින් මෙහෙම දෙයක් කලාද..(PHOTO) | A Baby Elephant Was Killed By Shots To The Head

අනේ එයත් පොඩි දරුවෙක් මොන හිතකින් මෙහෙම දෙයක් කලාද..(PHOTO) | A Baby Elephant Was Killed By Shots To The Head