ජාතික ආරක්ෂාවට තර්ජනයක්... මට අනුමත කරන්න බැහැ (VIDEO)

Sri Lanka Army Sarath Fonseka Ministry of Defense Sri Lanka LTTE Leader Sinhala news
By Akash May 19, 2025 05:14 PM GMT
Akash

Akash

Report

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේවන විට රට තුල විශාල තර්ජනයක් පවතින බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.

මේ වන විට උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළෙහි අඩුපාඩු ගණනාවක් ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

අනුදි කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්... ඒකයි ලංකාවේ මිනිස්සු සුබ පතන්නේ...

අනුදි කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්... ඒකයි ලංකාවේ මිනිස්සු සුබ පතන්නේ...

විශේෂිත වූ ස්ථානවල කඳවුරු වැසීම, යාපනය පලාලි අධි ආරක්ෂිත කඳවුර හරහා පාරවල් විවෘත කිරීම නිල ඇඳුම හැඳ සිටි අයකු ලෙස අනුමත කළ නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

හමුදාව කඳවුරුවලට සීමා කිරීම අනතුරුදායක බවත් කැනඩාව වැනි රටවල සිටින ඩයස්පෝරාවට මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් දහ දෙනෙකු යාපනයේ බිහි කිරීමට හැකියාවක් නැතැයි සිතිය යුතු නැති බවත් සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

ලේසි වෙන්නෑ...දේශබන්දුගේ මූලික විරෝධතාත් කමිටුවෙන් නිෂ්ප්‍රභා කරලා

ලේසි වෙන්නෑ...දේශබන්දුගේ මූලික විරෝධතාත් කමිටුවෙන් නිෂ්ප්‍රභා කරලා

සහරාන්ලා මෙන් එම ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් දියත් කළහොත් නැවත සිය ගණනක් කඳවුරු ඇති කිරීමට සිදුවිය හැකි බවත් එවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලාගත යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පළ කළේ දෙරණ නාලිකාවේ ජාතික රණවිරු දිනයට සමගාමි විශේෂ වැඩසටහනකට එක්වෙමින්. 

Video from Ada Derana

Thanks to Ada Derana 


ReeCha