Colombo Strikers කණ්ඩායමට ලකුණු 139ක ඉලක්කයක්
By Parami Dissanayake
අද (15) පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Marvels කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලකුණු 138ක් ලබා ගත්තා.
ඒ අනුව, Colombo Strikers කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 139ක ඉලක්කයක් හිමි ව ඇත.
එහිදී Galle Marvels වෙනුවෙන් Tim Seifert ලකුණු 44ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 35ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුණා.