රනිල්ගේ රැළියට ආ බස් රථයට ගල් ගැසුවේ කවුදැයි තවමත් පරීක්ෂණ...

Report

පෙරේදා (14 වැනිදා ) ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට දී පැවැති ජන රැලියට සහභාගි වූ ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් ලංගම බස්රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලැබේ.

ලග්ගල නව නගර වෙළෙන්දන් විරෝධතාවයක්...

ලග්ගල නව නගර වෙළෙන්දන් විරෝධතාවයක්...

ඒ අනුව, පොලිසිය පවසන්නේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු පේරාදෙණිය තානායම ආසන්නයේ දී පස්වරු 7.00 ට පමණ එල්ල කළ ගල් ප්‍රහාරයෙන් ගම්පොළ ඩිපෝවට අයත් බස්රථයේ ඉදිරිපස වීදුරුව බිඳී ගොස් තිබෙන බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්රථයේ රියැදුරු පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්...

දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්...

කෙසේ වෙතත්, පුස්සැල්ලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් බස්රථයේ ගමන් ගනිමින් සිට ඇති අතර ඔවුන් කිසිවකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.