පිහිනුම් තටාකයේ අවසන් හුස්ම හෙලූ සරසවි සිසුවා..
Sri Lanka Police
Rajarata University of Sri Lanka
Sri Lanka
By Sewvandhi
රජරට විශ්වවිද්‍යාලයේ පිහිණුම් තටාකයට අනවසරයෙන් ඇතුළු වූ කළමනාකරණ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් 6දෙනෙකු අතුරින් එක් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි, සංජිවනි ගිනිගද්දර මහත්මිය සඳහන් කර සිටියේ, සිසුන් විසින් උපදෙස් පිළිනොපැද අනාරක්ෂිතව හැසිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මුරුහදාස් තිලක්සන් නමැති අවුරුදු 21ක කොකුවිල්, මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එනම් මෙහිදී, දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් සිටි සිසුවා ඉතා කෙටි කාලයක් තුළ මිහින්තල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර මිහින්තලය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
