පොලිස් නිලධාරීන් ඇතුලු 06 දෙනෙකුට පිහි ප්‍රහාරයක්..ප්‍රධාන නගරයක සිදු වූ බිහිසුණු සිදුවීම මෙන්න.(PHOTOS)
By Aruna
ජර්මනියේ මැන්හයිම් නගරයේ දී පුද්ගලයෙකු විසින් පොලිසි නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකුට පිහි ඇණුමක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
අනතුරුව මෙම ප්‍රහාරකයාට පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඇති අතර, ඔහුට ද තුවාල ලබා ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
එම අවස්ථාවේ දී ගලවා ගැනීමේ හෙලිකොප්ටරයක් ද එම ස්ථානයට යවා ඇති බවයි පැවසෙන්නේ.
ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරිකයෙකු වන මයිකල් ස්ටර්සන්බර්ගර් සහ ඔහුගේ සංවිධානය වූ පුරවැසි ව්‍යාපාරයේ පැක්ස් යුරෝපා විසින් පවත්වන ලද වෙලඳපොළ චතුරශ්‍රයේ රැළියක් අතරතුර දී මෙම ප්‍රහාරය සිදු වී ඇත.
මෙහිදී අනතුරකට ලක් වූ පොලිස් නිලධාරියෙක් අසාධ්‍ය තත්ත්වයේ සිටින අතර, ඔහුට හදිසි ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිත බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

