ඇමති නලින්දගෙන් විශේෂ හෙළිදරව්වක්
2022 අරගල සමයේ ගිනිතැබීම්වලින් තම නිවාසවලට වූ දේපොළ හානි සඳහා හිටපු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රිවරු 92දෙනෙක් ද රුපියල් කෝටි 62ක් ලබාගෙන ඇතැයි අද (03) අනාවරණය කෙරුණි. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම හෙළිදරව්ව කළේ අද පස්වරුවේ පැවති ජන හමුවකදීය.
2022 අරගල සමයේ මැයි 9 වැනිදා ගිනි තැබීම්වලින් නිවාසවලට වු දේපොළ හානි වෙනුවෙන් වන්දි ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය පෙබරවාරි 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම වාර්තාවට අනුව මැති ඇමතිවරු 43 දෙනෙකු සඳහා වන්දි මුදල් ලෙස රුපියල් කෝටි 122ක් ලබා දී තිබුණි.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් හොරණ ගෝනපොළ ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ පාක්ෂික හමුවක් අතරතුර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද යළි අනාවරණයක් කළේය. ඒ අරගල සමයේ ගිනි තැබීම්වලින් නිවාසවලට වු දේපොළ හානි සඳහා හිටපු පළාත් පාලන නියෝජිතයන් ලබාගත් වන්දි මුදල් පිළිබඳයි.
