වියට්නාමේ ගියාට ඡන්දේ දාන්න මම එනවා...
අද දින රාත්‍රියේ විදෙස් සංචාරය සදහා පිටත්ව යන ජනපති මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
එසේම එදින මෙරට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
කෙසේවෙතත් ජනාධිපති අනුර දිසානායක මහතා පවසන්නේ ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බවයි.
“වියට්නාමයේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසයි මම යන්නේ. හය වෙනිදා උදේ අටට ඒ අවස්ථාව තිබෙනවා.එදා ලංකාවේ ඡන්දෙ.. ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාව ඉවර වෙනකොට මෙහෙ වෙලාවෙන් දහය විතර වේවි.වියට්නාම් ගමන සඳහා ගමන් පහසුකම් සලසන්න ඔවුන් එකඟතාව පළ කළා.මම එහේ ඉඳන් ඡන්දෙ දාන්න එනවා.''.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමින්.