බස් රථයකට එල්ල කල වෙඩි ප්‍රහාරයකින් අයෙක් මරුට ... (PHOTOS)
Death
Sudan
World
Gun Shooting
Kidnapping
By Piyumika
දකුණු සූඩානයේ ජුබා අගනුවරදී දුර ගමන් බස් රථයකට තුවක්කුකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම ප්‍රහාරයෙන් උගන්ඩා ජාතිකයෙකු මියගොස් තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (24) දින උදෑසන උගන්ඩාවේ කම්පාලා වෙත ගමන් කරමින් තිබූ මගී බස් රථයක් මෙම ප්‍රහාරය සඳහා ඉලක්ක කර ගෙන තිබූ අතර වෙඩි තැබීමෙන් අනතුරුව බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
තුවක්කුකරුවන් විසින් මගී බස් රථයේ සිටි පුද්ගලයින් 07 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
දකුණු සූඩානයේ වසර ගණනාවක් පුරා පවතින සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා සාම ගිවිසුමක් ක්‍රියාත්මක වුවද, රටේ බොහෝ ප්‍රදේශ අනාරක්ෂිත තත්තවයට පත්ව ඇති බව වාර්තා වේ.
NPP
Anura Kumara Dissanayake
5740179
55.89%
SJB
Sajith Premadasa
4530902
44.11%