දරුණු නායයාමකින් අසල්වාසීන් 26දෙනෙකු මියයයි ..(VIDEO/PHOTO)
By Piyumika
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවූ නාය යෑමකින් 26 දෙනෙක් මියගොස් තවත් පිරිසක් අතුරුදන්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ .
කේරළ ප්‍රාන්තයේ මෙප්පාදී නම් ප්‍රදේශයේ අද (30) එම නාය යෑම සිදුවී තිබේ.
එහි හිරවී සිටින පිරිස සොයා ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වනුයේ.
අධික වර්ෂාව හේතුවෙන් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වී ඇති අතර එම නාය යෑමට ගොදුරු වූ සමහරු චලියාර් ගංගාවේ ගසා ගෙන යන්නට ඇතැයි ද සැක කෙරෙයි.