ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා නව ව්‍යවස්ථාවකට අනුමැතිය ..

By Piyumika Jul 30, 2024 04:52 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉදිරි පැය 24කාලය තීරණාත්මකයි.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් මෙන්න..

ඉදිරි පැය 24කාලය තීරණාත්මකයි.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අනුකමිටුවේ අමාත්‍ය මණ්ඩල නිර්දේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට 2024-02-19 දින පැවති අමාත්‍ය රැස්වීමේදී අනුමැතිය ලබා දුනි.]

ත්‍රීරෝද රථ රියදුරුගේ බිහිසුණු ඝාතනයට අවශ්‍යව සිටි තෙවෙනි සැකකරු අත්තඩංගුවට ..

ත්‍රීරෝද රථ රියදුරුගේ බිහිසුණු ඝාතනයට අවශ්‍යව සිටි තෙවෙනි සැකකරු අත්තඩංගුවට ..

ඒ අනුව එම කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරනු ලැබ ඇත.

යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.