රුපියල් 1500ක් වෙනුවෙන් සැරයන් වරයෙකු වැටුණු තැනක්..

By Piyumika Nov 11, 2024 06:02 AM GMT
Report

බලපත්‍ර නොමැතිව උණ බට ප්‍රවාහනය කිරීම සහ නියමිත පන්තියට අදාල බලපත්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් නිත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 1500 මුදලක් බලෙන් ලබාගත් බව කියන පොලිස් සැරයන් වරයෙකු අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

ඇමති විජිත හදිසියේ ගුවන් තොටුපොළට ..

ඇමති විජිත හදිසියේ ගුවන් තොටුපොළට ..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන් වරයෙකි.ලොරි රථ රියදුරකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් සැරයන් වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පොලිස් සැරයන්වරයා විතිකුලිය මාර්ගයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටින අවස්ථාවේදී ඊයේ(10) ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී එම රියදුරුට නියමිත පන්තියට අදාළ රියදුරු බලපතක් නොතිබීම සහ උණ බට ප්‍රවාහනය කිරීම සඳහා නියමිත බලපතක් තිබී නොමැති බව පොලිසිය පවසයි.

කුඩා දරුවන් සිටින දෙමාපියන් දැඩි අවදානෙන්...මේ ලක්ෂණ පෙන්නනවා නම් වහම් ක්‍රියාමාර්ග ගන්න..

කුඩා දරුවන් සිටින දෙමාපියන් දැඩි අවදානෙන්...මේ ලක්ෂණ පෙන්නනවා නම් වහම් ක්‍රියාමාර්ග ගන්න..

එම රියැදුරුට නීතියෙන් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 1500ක මුදලක් පොලිස් සැරයන්වරයා විසින් බලෙන් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.