කුඩා දරුවන් සිටින දෙමාපියන් දැඩි අවදානෙන්...මේ ලක්ෂණ පෙන්නනවා නම් වහම් ක්‍රියාමාර්ග ගන්න..
දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
දින තුනකට ආසන්න කාලයක් උණ රෝගය පවතීනම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
"පසුගිය දවස්වල නිරීක්ෂණය කරද්දි දුටු දෙයක් තමයි ළමයි අතර උණ රෝගය වැඩි වුණා. වෛරස් උණ රෝග තමයි වැඩි වෙලා තියෙන්නේ. කැස්ස, සෙම්ප්‍රතිශාව සමග තිබෙන උණක්. ඊට අමතරව ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමකුත් අපි දැක්කා. විශේෂයෙන්ම ඩෙංගු ගැන කල්පනාකාරි වෙන්න.
මොකද ඩෙංගු මාරාන්තිකයි තාමත් 0.1%ක් හරි මරණයට පත්වෙන්න පුළුවන්. ඒ නිසා නිවස අතර පාසල් අතර පිරිසිදුව තබා ගන්න. වෛරස් උණ රෝගය අපි දකිනවා දරුවෝ අතර.
මෙතනදී ඉන්ෆ්ලුවෙන්සා වෙන්නත් පුළුවන්. ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ තියෙන වෙන වෛරස් උණක් වෙන්නත් පුළුවන්. ඒ නිසා කැස්ස, සෙම, හෙබ්බිරිස්සාව උණ තියෙනවා නම් ඇඟ රිදෙනවා නම් වමනේ යනවා නම් මේක වෛරස් උණ රෝගයක්. දවස් තුනකට වඩා උණ තියෙනවා නම් අදාළ රුධිර පරීක්ෂණ කර ගන්න."
-
NPP 4462174
Jathika Jana Balawegaya
61.43% -
SJB 1369802
Samagi Jana Balawegaya
18.86% -
NDF 329914
New Democratic Front
4.54% -
SLPP 231332
Sri Lanka Podujana Peramuna
3.18% -
OTHERS 871010
All Other Parties
11.99%