රහස් අවි ගබඩාවක්..මොකක් කරන්නද මේ සුදානම් වෙලා තියෙන්නේ..

Report

කොළොන්නාව තෙල් තොග ගබඩා පරිශ්‍රයේ රහස්‍ය අවිගාරයක තොග ලැයිස්තුවක් නොමැති ටී-56 උණ්ඩ විසි පන්දහස් දෙසිය දහඅටක් ඇතුළු පතරොම් දහස් ගණනක් ඇතැයි  අනාවරණය කොට ගෙන ඇත .

හිස් කොපු ගබඩාවක් ලෙස පෙන්වා ඇතත් මෙහි ටී-56 උණ්ඩ 25,218ක්, එස්.ජී. පතරොම් 2656ක්, එස්.එල්.ආර්. පතරොම් 1040ක් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

බලන්නකෝ බත් කටක් කවන්න ගිහින් පොලිස් නිළධාරියෙක් කරගෙන තියන දෙයක් .. (VIDEO)

බලන්නකෝ බත් කටක් කවන්න ගිහින් පොලිස් නිළධාරියෙක් කරගෙන තියන දෙයක් .. (VIDEO)

 කොළොන්නාව තෙල් තොග ගබඩාවේ කලාප 02 රහස්‍ය අවිගාරය තුළ මෙය පිහිටා ඇත. මෙම අවි ගබඩාව පවත්වාගෙන ගිය ආකාරය ගැන තොග ලැයිස්තුවක් (Armory Inventory) ඉදිරිපත් කිරීමට මෙය භාරව කටයුතු කර ඇති ආරක්ෂක කළමනාකරුවන් අපොහොසත් වී ඇත.

මෙම පරිශ්‍රයේ හමුදා අනුකණ්ඩයක් පැවතියදී තෙල් තොග ගබඩා ආරක්ෂකයන්ගේ යටතේ කිසිදු අධීක්ෂණයක් නොමැතිව මෙම අවි ගබඩාව පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවී තිබේ.

මෙයට පෙර අනිවාර්ය නිවාඩු යැවූ හිටපු කළමනාකාර ආරක්ෂකයකුගේ නිල කාමරයේ තිබී මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 474ක් හා මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝල උණ්ඩ 277ක් විගණන අංශය කළ පරීක්ෂාවකදී හමුවී ගිනි අවි ගබඩාව වෙත භාරදී තිබිණි.

ඔක්කොමත් හොදට කරගෙන යද්දී අලුත් ආණ්ඩුව මොකක්ද මේ කරගෙන තියෙන්නේ..සමාජ මාධ්‍ය කළබන නව පත්වීමක්..

ඔක්කොමත් හොදට කරගෙන යද්දී අලුත් ආණ්ඩුව මොකක්ද මේ කරගෙන තියෙන්නේ..සමාජ මාධ්‍ය කළබන නව පත්වීමක්..

කලාප 02 පිහිටි හිස් උණ්ඩ රඳවන බව කියූ රහස්‍ය අවි ගබඩාව තුළ තිබී භාවිතයට ගත් ටී-56 උණ්ඩ කොපු 24,115ක් අඩංගු ගෝනි දෙකක්ද සොයාගෙන ඇත.

කිසිදු ලේඛනයක් නොමැති මෙම රහස්‍ය අවිගාරය තුළ ඇති තොග ලැයිස්තුවක් පවත්වාගෙන නොගිය ජීව උණ්ඩ අපරාධ කල්ලි අතට පත්වූවාද යන්න සැක සහිත බව තෙල් සංස්ථා සේවකයෝ පෙන්වා දෙති.

මෙය අනාරක්ෂිත බැවින් ආරක්ෂක අංශ වෙත වගකීමක් යටතේ පවරන ලෙසද සේවකයෝ ඉල්ලා සිටිති.