මාතර බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්ත්වය - අහසට වෙඩි තබයි

By Zara Apr 22, 2025 04:30 PM GMT
Report

අද (22) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා ඇත.

ඒ අනුව හටගත් නොසන්සුන්තාව තරමක් දුරට පාලනය කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩිතබා ඇති බව පැවසෙයි.   

පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ අගරදගුරු මැල්කම් කාදිනල් හිමිගේ ශෝකය

පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ අගරදගුරු මැල්කම් කාදිනල් හිමිගේ ශෝකය

දේවගැතිවරයෙකු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක - අනුගාමිකයා ජෙරම් ප‍්‍රනාන්දු

දේවගැතිවරයෙකු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක - අනුගාමිකයා ජෙරම් ප‍්‍රනාන්දු