රබර් වගා සැලැස්මක්...

Report

ශ්‍රී ලංකාවේ වාර්ෂික ස්වාභාවික රබර් නිෂ්පාදනය සියයට 60කින් ඉහළ නැංවීමේ අරමුණින් ඉදිරි වර්ෂ කිහිපය තුළ රබර් වගා සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවට කොරියානු රජයෙන් ආධාර...

ශ්‍රී ලංකාවට කොරියානු රජයෙන් ආධාර...

ඒ අනුව, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ වියළි කළාපයට අයත් මොණරාගල, අම්පාර හා බදුල්ල වැනි ප්‍රදේශවල අක්කර 100,000ක රබර් වගා කිරීමේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවයි.

මෙම සාකච්ඡාවේ දී අදහස් පළ කළ අමාත්‍යවරයා මොණරාගල ඇතුළු දිස්ත්‍රික්ක තුනක අක්කර 100,000ක රබර් වගාව ව්‍යාප්ත කිරීම සඳහා මහ සැලසුමක් සකසා ඇති බවත්, එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලෙසත් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවත් ය.

තවත් හමාස් නායකයෙක් ඝාතනය කරයි...

තවත් හමාස් නායකයෙක් ඝාතනය කරයි...

දැනට TSR රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්තශාලාවලට ප්‍රමාණවත් තරම් ඔට්ටපාලු නොමැති නිසා ඒ වෙනුවට මුදවන ලද රබර් කිරි තාවකාලිකව ආනයනය සඳහා අවසර දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් හෙතෙම පවසා ඇත.