තවත් හමාස් නායකයෙක් ඝාතනය කරයි...

By Parami Dissanayake Aug 01, 2024 01:30 PM GMT
Report

තවත් හමාස් නායකයෙක් ඝාතනය කර ඇතැයි ඊශ්‍රායලය නිල වශයෙන් නිවේදනය කරයි.

ඒ අනුව ඔවුන් නිවේදනය කර ඇත්තේ, හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩේයිෆ් ව ඝාතනය කර ඇති බවයි.

ඔහු ඝාතනය වී ඇත්තේ, ගාසා තීරයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් වන අතර ගාසා තීරය ඛාන් යුනිස් ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ ඔහු සිටින විට ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.