ශ්‍රී ලංකාවට කොරියානු රජයෙන් ආධාර...

Sri Lanka South Korea Import Export
By Parami Dissanayake Aug 01, 2024 01:46 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

කොරියාවේ ආනයන-අපනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලේ නිල සංවර්ධන ආධාර යටතේ මෙරට වෙනුවෙන් සහනදායී ණය ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශය වෙත නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව, ඉදිකිරීම්, ජල සම්පාදන ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති ගණනාවකට මෙලෙස සංවර්ධන ආධාර හිමි වේ.

ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල වන EDCF හි අරමුණ වී ඇත්තේ, කොරියානු රජයේ අරමුදලක් වන අතර හවුල් රටවල සහ කොරියාව සමඟ ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම ය.

ඒ අනුව, 1990 වසරේ සිට EDCF මගින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 30ක් සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අනුමත කර ඇති බව සඳහන් වේ.

මේ මඟින් අපේක්ෂා කෙරෙනුයේ, කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීමක් මෙන් ම, මේ මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ස්ථාවර කිරීම සඳහා ද දායක වීම ය.

ReeCha