රිස්වාන්ගේ ඉංග්‍රීසි සමච්චලයට ලක්කරන්නන්ට සැර පිළිතුරක්

Cricket Pakistan national cricket team Mohammad Rizwan Sports
By Zara Apr 13, 2025 03:30 PM GMT
Zara

Zara

Report

පාකිස්තාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක මොහොමඩ් රිස්වාන් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ දී දක්වන දුර්වලතාව හාස්‍යට ලක්කරමින් සමාජ මාධ්‍යවල පළවන වාර්තාවන්ට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

බොහෝ අවස්ථාවන්හිදී රිස්වාන් ඉංග්‍රීසි භාෂාවෙන් කථා කිරීමේදී විවිධ අඩුපාඩු සිදුකරන අතර, එය උපුටා දක්වමින් ඇතැම් සමාජ මාධ්‍යවල ඔහුව සමච්චලයට ලක්කර තිබෙනවා.

ඔහු සාමූහිකව කණ්ඩායම සමග සිදුකරන සාකච්ඡා මෙන්ම පුහුණු සැසිවල සිදුකරන කථා මෙලෙස වැඩි වශයෙන් සමාජ මාධ්‍ය තුළ පළවී තිබෙනවා.තිබේ.

මේ දිනවල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීගයේ මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමේ නායකයා වන රිස්වාන්, මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පළවන වාර්තාවන්ට ප්‍රතිචාර දක්වා ඇත.

"කියන ඒවා මට වැඩක් නෑ. මම එක දෙයක් ගැන ආඩම්බර වෙනවා, ඒ මම කියන ඕනෑම දෙයක්, මම මගේ හදවතින්ම කියනවා. මම ඉංග්‍රීසි දන්නේ නැහැ. මගේ එකම කනගාටුව නම් ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලැබීම.

නමුත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වුණත් මට ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි වීම ගැන මම සියයට එකක්වත් ලැජ්ජා වෙන්නේ නැහැ.

"පාකිස්තානය මගෙන් ක්‍රිකට් ඉල්ලන්නේ.මගෙන් ඉංග්‍රීසි ඉල්ලන්නේ නැහැ. එහෙම වුණාම, මම ක්‍රිකට් අතහැරලා මහාචාර්යවරයෙක් වෙනවා." යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

අවශ්‍යතා මත අද රාත්‍රියේත් ප්‍රවාහන සේවා

අවශ්‍යතා මත අද රාත්‍රියේත් ප්‍රවාහන සේවා

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව – 2025

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව – 2025

ReeCha