ගුවන් අනතුරේ උණුසුම යන්නත් කලින් ඉන්දියාවේ තවත් අනතුරක් - 6ක් මරුට
By Hashini
බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ තවත් 25 දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේදී පාලම මත 100කට වැඩි පිරිසක් රැදී සිට තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස කඩා වැටීමට ලක්වී ඇති පාලම වසර 30 කට වඩා පැරණි බවයි.